රුහුණු රස සරණිය ප්‍රදර්ශනය පිළිබද පසුවිපරම.........

“ අපේකම රැඳි දැයේ රස රැස ”

දිනෙන් දින අපෙන් ඈත් වන සාම්ප්‍රදායික ආහාර, අලුත් ආරකට අලුත් පරපුර වෙත දායාද කරන්නට අලුත් වැඩකට දකුණු පළාත් කෘෂිකර්ම... අමාත්‍යංශය මුල් පියවර තබන ලදී.
“ අපේකම රැඳි දැයේ රස රැස ” තේමාව කොට ගත් විවිධ වර්ගයේ ආහාර සැකසුම් හා අලෙවි ප්‍රදර්ශනයක් 2017 ඔක්තෝබර් 30 හා 31 දෙදින පුරාවට ගාල්ල නගර සභා ශාලා පරිශ්‍රයේදී පවත්වන ලදී.
වස විසෙන් තොර අපේකම රැඳි සාම්ප්‍රදායික ආහාර වලට කවදත් හිතැති දකුණු පළාත් ආණ්ඩුකාරවර හේමකුමාර නානායක්කාර මැතිතුමා අපට දුන් දිරිය සහ නිරතුරු අපව මෙහෙයවමින් මග පෙන්වූ දකුණු පළාත් කෘෂිකර්ම... අමාත්‍ය නීතිඥ යූ.ජී.ඩී ආරියතිලක මැතිතුමා ද ගෞරවයෙන් සිහිපත් කරමු.
“ රුහුණු රස සරණිය ” විශේෂාංග ලෙස අන්තර් පාසල් සූපවේදී තරගාවලිය ඉතා සාර්ථකව අවසන් විය. පාසල් සිසුන් විසින් විවිධ වූ සාම්ප්‍රදායික ආහාර වර්ග සකස් කර උණුසුම් තරගයකින් පසු ජයග්‍රාහී පාසල් වෙත ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රදානයද සිදු කරන ලදී.
ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වා මැතිතුමාගේ සහභාගීත්වයෙන් සාම්ප්‍රදායික ආහාර වර්ග පිළිබඳව හා ආහාර භාවිතය පිළිබඳව පාසල් සිසු දරු දැරියන් රැසක් දැනුවත් කිරීමේ වැඩසටහන “ රුහුණු රස සරණිය ” විශේෂාංග අතර ඉතා සිත් ගත් අතර සහභාගී වූ අයගෙන් උණුසුම් ප්‍රතිචාරයක් ද ලැබුණි.
ප්‍රවීණ සූපවේදී ශාන්තා මායාදුන්නේ මහත්මිය නව ආරකට රසවත් ආහාර රැසක් ප්‍රායෝගිකව සකස් කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන, විශාල පාසල් සිසුන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති අතර එය ප්‍රදර්ශනයට නව එළියක් ලබා දුනි.
එසේම කුඩා ව්‍යවසායකයින් දිරි ගන්වමින් ඔවුන්ට වෙළෙඳපොල හා අලෙවි අවස්ථා උදා කර දෙමින් නවෝත්පාදන ආහාර කලාපයක් ලෙස පැවති අතර පැමිණි පිරිසගේ නෙත් සිත් යොමු වී රසවත් විය. එසේම ගුවන් හමුදා නිලධාරීන් සහ යුධ හමුදා නිලධාරීන් දිවයිනේ විවිධ ප්‍රදේශ වලට ආවේණික අහාර වර්ග සකස් කර ප්‍රදර්ශනය කිරීම හා අලෙවි කර රස සරණිය රස ගන්වන ලදී.
බිම්මල් හා බිම්මල් ආශ්‍රිත නිෂ්පාද හා නව අගය එකතු කරන ලද නිෂ්පාදන සැකසුම් හා අලෙවි කලාපය “ රුහුණු රස සරණිය ” තුළ පැවති තවත් විශේෂාංගයක් වූ අතර විනෝදාත්මක තරග රැසකින් පැමිණි පිරිස රස ගැන්විය.
දකුණු පළාත තුළ විසිරි පැවත අපෙන් ගිලීහී යන විවිධ වර්ගයේ ආහාර වර්ග අලුත් ආරකට සමාජ ගත කිරීමේ මෙහෙවර උදෙසා දියත් කරන “ රුහුණු රස සරණිය ” ආහාර ප්‍රදර්ශනයක් ලෙස ජනතාව වෙත සමීප කරවීමට ආරම්භක පියවර තැබීමට හැකි වීම දකුණු පළාත් කෘෂිකර්ම... අමාත්‍යංශය ලද භාග්‍යයක් සේ සඳහන් කරන්නේ ඉතාමත් සතුටිනි.


කුමුදු හිරිමුතුගොඩ
සංවර්ධන නිලධාරි

Retaining Walls Kirkland