agri_7 newimage newimage3 slide_img slide_img-10 slide_img_11 slide_8

අමාත්‍යාංශයේ අරමුණු

  • අමාත්‍යංශයේ ඇති සියලු මානව හා භෞතික සම්පත් ප්‍රශස්ථ ලෙස කලමනාකරණය හා සංවර්ධනය කිරීම.
  • අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු තුනෙහි සියලු කාර්යයන් නියාමනය හා අධීක්ෂණය.
  • ඵලදායි කෘෂි ව්‍යාප්ති සේවාවක් මගින් භෝග ඵලදායිතාවය ඉහල නැංවීම, ආහාර සුරක්ෂිත තාවය ඇති කිරීම හා දකුණු පළාතේ ගොවිජනතාව සවිබල ගැන්වීම.
  • නවීන තාක්ෂණය යොදා ගනිමින් පරිසර හිතකාමී ලෙස වාරිමාර්ග සංවර්ධනය හා නඩත්තුව මඟින් දකුණු පළාතේ ප්‍රශස්ථ වාරි පද්ධතියක් පවත්වාගෙන යාම.
  • දකුණු පළාතේ සමුපකාර ප්‍රජාවගේ ආර්ථික සමාජීය හා සංස්කෘතික අවශ්‍යතා සාධනය සදහා සමුපකාර ව්‍යාපාරය නියාමනය කිරීම.
  • ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැනුම, පුහුණුව හා යටිතල පහසුකම් සංවර්ධනය මගින් දකුණු පළාත තුල කාර්යක්ෂම සහ විධිමත් ආහාර සැපයුම් බෙදාහැරීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කිරීම.
  • දකුණු පළාතේ ජනතාවට සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය සැපයීම.
  • දකුණු පළාතේ වෙළෙද ක්ෂේත්‍රයේ නීතිමය රාමුව ශක්තිමත් කිරීම හා නව තාක්ෂණය හදුන්වාදීම තුලින් යහ වෙළෙදාම ප්‍රවර්ධනය කිරීම.
  • කෘෂිපාදක කර්මාන්ත ප්‍රවර්ධනය තුලින් කෘෂිපාදක ව්‍යවසායකයින් සවිබල ගැන්වීම.
  • රජයේ රේඛීය අමාත්‍යාංශ සමඟ සම්බන්ධීකරණය තුලින් ව්‍යාපෘති සැකසීම, ක්‍රියාත්මක කිරීම හා මෙහෙයවීම
Retaining Walls Kirkland